• සීග‍්‍රගාමී බස්රථ සේවාවක් මෙම වසරේදී.01 22
  • පොදු මගී ප‍්‍රවාහන සේවයේ නවීකරණයක්.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පවසා සිටියේ අද(10) දින බොරැල්ල සිට මරදාන දක්වා බස් ප‍්‍රමුඛතා මංතීරු හඳුන්වාදීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

 එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අද අපි තවත් වැදගත් වැඩකට මුල පුරනවා. ඒ තමයි බොරැල්ල ඉඳන් පිටකොටුව දෙසට තිබෙන මාර්ගයේ බස් ප‍්‍රමුඛතා මංතීරු හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙයත් එක්තරා ආකාරයක පරීක්‍ෂණයක්. මෙමගින් විශේෂයෙන්ම උදේවරුවේ ඇති වී තිබෙන මාර්ග තදබදයට විසඳුමක් ඇති කර ගන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මංසන්දියේ සිට ආයුර්වේද මංසන්දියට තිබූ බස් ප‍්‍රමුඛතා මංතීරුව රාජගිරිය පාලම නිසා තාවකාලිකව අත් හිටෙව්වා. පාලමේ යටකොටසේ තිබෙන සංවර්ධන කටයුතු නිම වූ වහාමමාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඒ සඳහා අවසර ලබාදුන් වහාම එයත් නැවත විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා.

 මේ රටේ අද තිබෙන මාර්ග තදබදයේ ගැටළුව විසඳා ගැනීමට අනිවාර්යෙන්ම හැකියාව තියෙන්නේ බස්රිය සහ දුම්රිය පොදු ප‍්‍රවාහන සේවය ශක්තිමත් කිරීමෙන් පමණයි. වෙන මාර්ග වලින් අපට එය පාලනය කළ හැකි තත්වයකට ඇවිල්ල නැහැ. ඒ නිසා ඒ දෙසට අප පියවර තබනවා. ඉදිරි කාලයේදී  විශේෂයෙන්ම මගී ප‍්‍රවාහන සේවයේ නවීකරණයකුත් අවශ්‍යයි. පුද්ගලික අංශයලංගම සහ දුම්රිය සේවය නවීකරණය විය යුතුයි.

 සැහැල්ලූ දුම්රිය පද්ධති හඳුන්වාදීම පිළිබඳ වැඩකටයුතු කිරීම මේ වසරේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. 2023 වන විට අවසන් කර ඒ පිළිබඳ අලූත් අත්දැකීමක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම වසරේදී අපි බස් සීග‍්‍රගාමී කි‍්‍රයාවලිය සඳහාත් පියවර තබන්න අපි අදහස් කරනවා’ යයි පැවසීය.

FaLang translation system by Faboba