hon-lasanthaගරු. ලසන්ත අලගියවන්න මහතා
මහා නගර සභා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

ආසියාවේ වාණිජ කේන්ද්‍රස්ථානය වීම අරමුණු කරගත් සමාජ ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයන් ශ්‍රී ලංකාව දියත් කර තිබේ. මෙම අරමුණු ඉටුකර ගැනීමට නම් ගෝලීයව තරඟකාරී වීම අවශ්‍ය වන අතර ශ්‍රී ලංකා රජය සලකනුයේ අප ඉදිරිය කරා ගමන් කිරීමට නම් නාගරිකරණය සහ නාගරික සමාජය නොවැළැක්විය හැකි අවශ්‍යතාවයක් බවයි.

නාගරීකරණය ක්‍රියාදාමයන් වන අතර එහිදී එම ක්‍රියාදාමයේ සාධනීය අංශ හඳුනාගැනීම සහ වර්ධනය කිරීම අවශ්‍ය වන අතර එය වටා මහජන මිත්‍රශීලී සංසිද්ධියක් බවට පත් කළ යුතුය. අධික තදබදයෙන් යුත්, දූෂිත පරිසරයන් සහිත, විකෘත සහ නොසන්සුන් වාතාවරණයක් ලෙස නාගරික ජිවිතය පිළිබඳ ජනප්‍රිය මතයට ප්‍රතිවිරුද්ධව යෝග්‍ය උපාය මාර්ග සහ බුද්ධිමත් කළමනාකරණය මගින් නාගරීකරණයට ජන ජිවිතයේ දැවැන්ත සාධනීය වෙනස්කම් ඇති කිරීමට හැක.

පාරිසරික, භෞතික සහ සමාජීය සංදර්භයන්හිදී අන්තර්සම්බන්ධිත අභියෝග මාලාවක් නාගරීකරණය විසින් ඇති කරනු ලබයි. මාර්ග, දුම්රිය මාර්ග පද්ධති, පාලම්, වරාය, ගුවන්තොටුපොල, ජලය සහ ජලාපවහන පද්ධති, කසළ කළමනාකරණ පද්ධති, විදුලි සංදේශ ජාල, විදුලිබල පද්ධති, සහ සියලු ආකාරයේ ගොඩනැගිලි සැලසුම් කිරීම සහ නිර්මාණය කිරීම මීට අයත් වේ.

අප අභිමුව බොහෝ අභියෝග පැවතියද, ක්‍රමවත් සැලසුම්කරණයේ සහ වෙහෙස මහන්සි වී කටයුතු කිරීම මගින් අපේ ඉලක්ක සහ අභිලාෂයන් ඉටු කර ගත හැකි බව මට සැකයක් නොමැත. 

FaLang translation system by Faboba