hon-pataliගරු. පාඨලී චම්පික රණවක මහතා
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය

නවීන ලෝකයේ සංවර්ධනයේදී නාගරීකරණය සහ නාගරික සංවර්ධනය අතිශයින් වැදගත් භූමිකාවක් බවට පත් ව තිබේ. ඉතිහාසය පළමු වතාවට ලොව ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් නගරබදව වාසය කරන අතර ලොව නාගරික ජනගහනය මේ වන විට බිලියන 3.7 ක් වේ. 2050 වන විට මෙම සංඛ්‍යාව දෙගුණයක් වේ යැයි අපේක්ෂා කෙරේ.

නගර, ආර්ථික වර්ධනයේ යන්ත්‍ර වන අතර සංස්කෘතික සංවර්ධනය නාගරික ජනතාවට බොහෝ ප්‍රතිලාභ පිරිනමනු ඇත. මෑතකදී සිදුකළ සමීක්ෂණ අනුව, ග්‍රාමීය ප්‍රදේශ හා සැසඳීමේදී විසමානුපාතිකව වඩා ඉහළ ආර්ථික වර්ධන වේගයක් සඳහා නගර වගකිව යුතු වන අතර, ලෝක ජනගහනයෙන් අඩකට මඳක් වැඩි පිරිසක් නාගරිකව වාසය කළද ගෝලීය දළ දේශීය නිෂ්පාදනයනේ 80% ක්ම උත්පාදනය කරනුයේ නගරයන්ය.

ලොව අනෙකුත් රටවල සිදුවන දැවැන්ත සංවර්ධනය හා සම මට්ටමේ සිටීමට නම් ක්‍රමික වෙනස්කම් සහ සංවර්ධන ක්‍රියාදාම නාගරික ප්‍රජාව වෙත ගෙන ඒම අත්‍යවශ්‍ය වේ. ජිවිතයේ ගුණාත්මකභාවය උසස් මට්ටමකින් පවත්වාගනිමින් නාගරික ප්‍රදේශවල වාසය කරන්නන් රටේ සමාජ ආර්ථික සංවර්ධනයේ කොටසක් වන බව ඉන් සහතික කරනු ඇත.

මීළඟ වසර පහ තුළ සර්වව්‍යාපී සංවර්ධනයක් උදා කිරීම පිණිස සමස්ත බස්නාහිර පළාතම මහා නගර ප්‍රදේශයක් බවට පරිවර්තනය කිරීම සඳහා මහා නගර සභා බස්නාහිර සංවර්ධන නම් නව අමාත්‍යාංශයක් නිර්මාණය කරනු ලැබුයේ මෙම සංදර්භය තුළය. මෙම කාර්යය සපුරා ගැනීමට නම්, යෝජිත නාගරික සංවර්ධනය සහ මහා නගර සමූලාරම්භය හුදෙක් ගොඩනැගිලි ඉදිකිරීමේ ‍‍හෝ හුදකලා නාගරික පරිවෘත භූමි සංකල්පයෙන් එබ්බට ව්‍යාප්තව ගොස් සියලු පුරවැසියන්ගේ සමාජීය, සංස්කෘතික, ආර්ථික සහ අධ්‍යාත්මික යහපැවැත්මට සහාය වන්නා වූ මැනවින් ස්ථාපිත හා තුලිත පාරිසරික පද්ධති සහිත එක්ක විය යුතුය. 

FaLang translation system by Faboba