• හෝමාගමට නව නාගරික උද්‍යානයක්.02 7

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ, බස්නාහිර මහානගර සංවර්ධන සැලැස්මට අනුව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රතිපාදන මත නාගරික සංවර්ධන අධිකාරියේ අධික්‍ෂණය යටතේ රුපියල් ලක්‍ෂ 1900 ක් වැය කර ඉදිකරන ලද හෝමාගම බස්නැවතුම්පල දෙවන අදියර ජනතා අයිතියට පැවරීම.

මේක කිසිම දේශපාලන භෙදයකින් තොරව හෝමාගම සියළුම බස් මගීන්ට නාගරික පහසුව සපයන වැදගත් ස්ථානයක්. ඒ අනුව මේ පලවෙනි අදියරින් නිම නොවිච්ච ප‍්‍රශ්ණ දෙකක් හෝමාගම තිබුණා. එකක්, මේ නගරය මධ්‍යයේ බස් නැවතුමක් තිබුණා. තව එකක්, වෙළඳ සැලක් අසල බස් නැවතුමක් තිබුණා. ඒ දෙකම අපට මෙතැනට ගෙන එන්න පුළුවන්. ඒ වගේම ශ‍්‍රී ලංගමයේත් අවසරය ඇතිව ඒ නගරය මැද තිබුණු බස් නැවතුම අපි නාගරික උද්‍යානයක් බවට පත් කරනවා. මොකද මේ හෝමාගම වගේ හැම නගරයකම අපට තිබිය යුතුයි නාගරික උද්‍යානයක්. ගහක්, කොළයක් පේන්න තියෙන්න  ඕනේ. මේ ලංකාවේ අපට කොයි තැන ගියත්, කොහොම ගියත්, මේ ලංකාව උද්‍යානයක් වගේ තැනක්. මේක ඉංග‍්‍රීසීන්ගේ කාලේ නාගරික සංවර්ධනය සඳහා ඔවුන් යෝජනා කළේ ආසියාවේ උද්‍යානය කියලා. ගාඞ්න් සිටි ඔෆ් ඒෂියා කියලා. ඒ සංකල්පය මත තමයි ඒ කාලේ මේ මුළු නාගරික ප‍්‍රදේශ සියල්ලම සංවර්ධනය කළේ. මොකද මේ රටේ කොහේ ගියත් නිල්ල පේන්න තියෙනවා, ගහ කොල පේන්න තියෙනවා, සතා සීපාවා, ජල පද්ධති පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේ හෝමාගමත්, නගර කියලා බෑ අපි හැම තැනම ගහ කොල, නිල්ල අපට පේන්න තියෙන්න  ඕනෑ ලස්සනට.

01 17ඒ වගේම ලබන ජනවාරි මාසයේ අපි මාකුඹුරේ තිබෙන ඒ ප‍්‍රධාන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කරනවා. එතකොට, අධිවේගී මාර්ගයේ එන බස්රථ ඒ වගේම කොළඹ බලා යන බස්රථ, දුම්රිය කියන මේ දෙකම එක මධ්‍යස්ථානයකින් මෙහෙයවෙනවා. ඒ මධ්‍යස්ථානය නිකන්ම නිකන් බස් නැවතුමක් හෝ නිකන්ම නිකන් දුම්රිය ස්ථානයක් නොවෙයි. ඒක මේ ලෝකයේ තිබෙන නවීනතම ප‍්‍රවාහන මධ්‍යස්ථානයක්. ලංකා ඉතිහාසයේ මුලින්ම ජනතා අයිතියට පත්වෙන ප‍්‍රවාහන මධ්‍යස්ථානය බවට ඒ මාකුඹුර ප‍්‍රවාහන මධ්‍යස්ථානය එකතු වෙනවා. ඒකත් අපේ කොට්ටාව මහරගම හා හෝමාගම ජනතාවට විශාල ශක්තියක් වෙනවා.

ඒ වගේම අපි මාකුඹුර සිට අධිවේගී මාර්ගයේ ඒ පිවිසුම දක්වා ප‍්‍රදේශයේ නාගරික උද්‍යානයක් ඉදිකිරීම ලබන වසරේ ආරම්භ කරනවා. ඒ නාගරික උද්‍යානය අපේ ජනතාවට විශාල පිළිසරණක් වෙයි. ඒ මොකද අපේ ජනතාවට විශේෂයෙන්ම අපේ දරුවන්ට, ක‍්‍රීඩා කරන්න, නිදහසේ ඉන්න, ඇවිදින්න, සෞඛ්‍ය සම්පන්න ජීවිත ගෙවන්න ඒ නාගරික උද්‍යානයෙන් විශාල පිටුබලයක් ලැබෙයි. ඒ නාගරික උද්‍යානයේ ඵලප‍්‍රයෝජනත් 2019 ඉඳන් ඔබ හැමට ලැබෙනවා. ඒ වගේම මේ හෝමාගම මේ අවට ප‍්‍රදේශයේ අපි බලාපොරොත්තු වෙනවා, අපේ රටේ අනාගත විශාල බලාපොරොත්තු අපේ ගරු අගමැතිතුමා අතින් විවෘත වෙච්ච තාක්ෂණ නගරය, ඒ තාක්ෂණ නගරයත් එක්කම අපි දැන් ඉඩම් ලබාගෙන තිබෙනවා තාක්ෂණය පදනම් කරගත් වෘත්තීන්ගෙන් යුතු කාර්මික නගරයකට. මේ අධිවේගී මාර්ගයයි මේ හෝමාගම නගරයයි, ඒ තාක්ෂණ නගරයයි  නවෝත්පාදන බලප‍්‍රදේශයයි එකට යා කරන මාර්ගයක් ඉදිකරන්න අපි මාර්ග සංවර්ධන අධිකාරියත් එක්ක කටයුතු කරනවා. ඒකේ පළමු පියවර අපි ලබන වසරේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ඒ එක්කම මේ අවට ප‍්‍රදේශයේ තවත් ඉඩම් අක්කර විශාල ප‍්‍රමාණයක්, වාණිජ, නේවාසික සංවර්ධනයට විවෘත වෙනවා. දැනටමත් විශ්ව විද්‍යාල හතරක් ඒ හෝමාගම තාක්ෂණ නගරයට ඇවිල්ලා ඉවරයි. ඒ විශ්ව විද්‍යාල හතරම තාක්ෂණ පීඨ. ඒ තාක්ෂණ පීඨවල ඉගනගන්න දරුවෝ ඒ ගුරුවරු, ඒ සියළු දෙනාටම නේවාසික පහසුකම් අපි ආකාර දෙකකට සපයනවා. එකක් අපි ඒ අයට නේවාසික පහසුකම් සපයනවා, ඒ වගේම අපි අවට ප‍්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ නිවසේ මේ නේවාසික පහසුකම් සපයන්න කියා, ඒක හොඳ ආදායම් මාර්ගයක් වෙනවා නොඅනුමානයි. ගමට විශ්ව විද්‍යාලයක් එනවා කියන්නේ  ඒ ගමම ආලෝකමත් වෙලා අවධිවෙලා ඉදිරියට යනවා කියන එක. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය නිසා, විජයරාම ප‍්‍රදේශය රත්තනපිටිය ප‍්‍රදේශය හා මහරගම ප‍්‍රදේශයම ආලෝකමත් වුණා. 14,000ක් දරුවෝ ඉගනගන්නවා, 2000ක් ගුරුවරු උගන්වනවා. ඉතින් ඒ ප‍්‍රදේශයේම මහා අවධියක් ඇතිවුණා. ආර්ථික අතින් හැම දවසෙම මිලියන 100කට ආසන්න ප‍්‍රමාණයක් මුදාහරිනවා ආර්ථිකයට. ඉතින් ඒ වගේ විශ්ව විද්‍යාල හතරක සෙනඟක් එන විට හෝමාගම හා මේ අවට ප‍්‍රදේශවල ජනතාවට අළුත් සේවාවන් සපයන්න පුළුවන් දියුණු මධ්‍යස්ථානයක් බවට අපි පත්වෙනවා.

ඒ වගේම අපි අපේ ආර්ථිකයේ අළුත් ගමනක් යන්න 2015 පියවර තැබුවා. දැනුම පදනම් කරගත් ආර්ථිකයක්. නවෝත්පාදනය ඉලක්ක කරගත් ආර්ථිකයක්. ඒක ගොඩක් දෙනෙකුට තේරෙන්නේ නෑ මෙහෙම කිව්වාට. නමුත් මේකේ කතාව මොකක් ද?  අපි 1947 නිදහස ලැබුවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස අපට ලැබුණා. රදලයෝවත්, රජවරුවත් අධිරාජ්‍යවාදීනුත්, අපි පාලනය කරන යුගය අවසන් වෙලා අපේ ජනතාවට තමන්ගේ පාලකයෝ පත්කරගන්න හැකියාව නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබුණා. බහු පක්ෂ ක‍්‍රමය ඇති වුණා. ඒ බහුපක්ෂ ක‍්‍රමය නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවත් ශක්තිමත් වුණා.

ඊට පස්සේ අපි අනුගමනය කරපු ආර්ථික උපායමාර්ගය වෙනුවට 1977 සිට නිදහස් වෙළඳපොල ක‍්‍රමයක් අනුගමනය කළා. අපේ රටේ ඇති කළා නිදහස් වෙළඳ කළාප. ආයෝජනයන්ට ආරාධනා කළා. ඒ අවස්ථාවේ අපට විශාල ආලෝකයක් ලැබුණා. ඒ මොකද සුලභ ශ‍්‍රමය අපට රට පුරා තිබුණු නිසා. අපේ දරුවන්ට ඒ අවස්ථාවේ රැකියා නැතිව සිටියේ සුළභ ශ‍්‍රමය අපට ලැබුණා. ඒ වගේම අපේ රටට හොඳ වෙළඳ පොලවල්, බටහිර ලෝකයේ අනෙකුත් රටවල වෙළඳ පොලවල් අපට ලබාගන්න පුළුවන් වුනා. ඒ වගේම ප‍්‍රාග්ධනය සහ ශ‍්‍රමයට අවශ්‍ය කරන සියළුම දේවල් අපට ලැබුණා. නමුත් අද වන විට ලෝක තත්ත්වයන් ගොඩක් වෙනස් වෙලා. අපි එක්ක තරඟයට තවත් පිරිස් ඇවිල්ලා ලෝක වෙළඳපොලේ ඒ ඇඟළුම් ආදී ස්ථාන බංගලිදේශය, වියට්නාමය, මියන්මාරය වැනි රටවල් විසින් අත්පත් කරගෙන. දැන් අපේ රටේ සුලභ ශ‍්‍රමය නෑ. හෝමගමත් එහෙම ලාභයට වැඩකරන්න සූදානම් පිරිසක් නැහැ. අපේ මුළු රටේම තත්ත්වය ඒකයි. සුලභ ශ‍්‍රමය තවදුරටත් ලංකාවේ නෑ.

හැබැයි අපිට තිබෙනවා එක දෙයක්, ඒ තමයි සුලභ බුද්ධිය, සුලභ දැනුම. දැනුමෙන් හා උගත්කමින් වගේම හැකියාවෙන් පූර්ණ විශාල තරුණ තරුණියන් පිරිසක් අපට ඉන්නවා. ඔවුන් තමයි අපේ අනාගතය. ඒ දැනුම ධනය බවට පත් කරන ආර්ථිකයක් තමයි දැනුම පදනම් කරගත් ආර්ථිකයක් කියන්නේ. එංගලන්තයේ මේ වෙනස ඇති කළ ෆ්රැන්සිස් බේකන් නම් සාමිවරයෙක් සිටියා. ඔහු කළ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් අපි පාසලේදී ඉගනගත්තා. ඔහු කිව්වේ ‘දැනුම බලය වේ’ කියලා. දැනුමෙන් තමයි බලය හැදෙන්නේ කියලා. බේකන් සාමිවරයාට නොයෙකුත් චෝදනා තිබුණත්, ඔහු ගෙනාපු මේ අදහස නිසා තමයි රදළවාදය ඉවත්වෙලා ගිහිල්ලා, එංගලන්තය කාර්මික විප්ලවයකට ගිහිල්ලා, සාර්ථක රාජ්‍යයක් බවට, ලෝකයේ බලගතුම රාජ්‍යයක් බවට පත්වුණේ.

ඉස්සර රජවරු ලඟට යම් යම් නිර්මාණ අරගෙන ගියාම, දැනුම පදනම් කරගත් නිර්මාණ අරගෙන ගියාම ඒ රජවරු ඒ දේවල් ප‍්‍රතික්ෂේප කළා. එම යන්ත‍්‍ර සූත‍්‍ර නිසා රැකියාවන් අහිමිවේවියි කියා ඒ යන්ත‍්‍ර තැනූ පිරිස් දණ්ඩනයට ලක් කළා. ඇතැම් විට ඝාතනයට ලක් කළා. ඒ යන්ත‍්‍ර කඩා බිඳ දැම්මා. එවන් සමාජයක බේකන් සාමිවරයා තමයි දැනුම බලය වේ කියලා දැනුමට මුල් තැන දුන්නේ.

දැන් අපගේ අලූත් සටන් පාඨය තමයි දැනුම ධනය වේ කියන එක. දැනුම ධනෝත්පාදනයට යොමු කරන්න පුළුවන්.  අතීතයේදී අපේ ලංකාව වෙළඳ රාජ්‍යයක්. ඇතැම් අවස්ථාවල කෘෂිකාර්මික රාජ්‍යයක් යැයි කීවාට අපිත් හොඳ වෙළඳ රටක්. අපේ මන්නාරමෙන් මුතු විකිණුවා ලෝකයටම. රත්නපුරයේ මැණික් විකිණුවා ලෝකයටම. රටේ සියළුම ආකාරයේ කුළුබඩු වර්ග ලෝකයට විකුණනු ලැබුවා. එපමණක් නොවේ අලි ඇතුන් පවා විකිණුවා. අපට හොඳ වරාය පද්ධතියක් තිබුණා. මාංතොට, මණ්නාරමේ වරාය ගණනාවක් තිබුණා. බේරුවල වරායක් තිබුණා. ඒ වගේම දකුණේ වරාය ගණනාවක් තිබුණා. නැගෙනහිර වෙරළේ මඩකළපුවේ සිට ති‍්‍රකුණාමලය හරහා දිගටම වරායයන් පද්ධතියක් අපට තිබුණා. අපි හොඳට වෙළඳාම මගින් ජීවත් වුණු රටක්. අපේ රටේ ඒ වාණිජ මධ්‍යස්ථානය නැවත බිහිකර ගැනීමයි අපිට අවශ්‍යය.

ඉන්දියන් සාගරයේ හරි මැදයි අපි ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ හරිමැද ඉන්නකොට අපිට රට පටවන්න දැන් මුතු හා මැණික්වලට අමතරව සුද්දන්ගේ කාලේ ඉඳන් තේ, පොල් හා රබර් ආවා. ඊලඟට 1977 දී නිදහස් ආර්ථිකය ඇතිවුණාට පස්සේ ඇඟළුම් ආවා. දැන් ඒ අනුව අපි මුතු, මැණික්වලින් තේ, පොල්, රබර් වලටත්, ඊලඟට ඇඟළුම්වලටත් ගිහින් දැන් අපේ වෑයම දැණුම විකුණන්නයි. දැනුම ධනය වේ කියන පදනම යටතට යන්න.

අන්න ඒ දැනුම ධනය වේ කියන රටේ අනාගත ප‍්‍රාර්ථනය ඉටු කරන ප‍්‍රධාන මධ්‍යස්ථානය ඒ දැනුමේ කේන්ද්‍රය හෝමාගම බව අපි බොහොම ආඩම්බරයෙන් සඳහන් කරන්න කැමතියි. මේ දේ අද හෙට ඇතිවෙන දෙයක් නොවුනත්, තව අවුරුදු 10කින් අපේ දරුවෝ ආපහු හැරිලා බලනකොට මේ ඇතිකරපු විප්ලවය, මේ ඇතිකරපු වෙනස, රටට, ලෝකයට, කොච්චර බලගතුද කියන එක අපට දැනෙයි.

දැනටමත් අපේ දරුවෝ අපට ආඩම්බරයි තැන තැන කුඩා නිර්මාණශීලී ආයතන පිහිටුවලා ඒ නිර්මාණශීලී ආයතන හරහා මේ වෙනකොට රබර් ආදායමට වඩා, පොල් ආදායමට වඩා, තේ හා ඇඟළුම් හැරුණුකොට අද වැඩිම ආදයම් උපදවන්නේ  දැනුම පදනම් කරගත් අපනයනයන්ගෙන්. දැනුම පදනම් කරගත් සේවාවන් විකිණීමෙන්. පිටරට යායුතු නෑ. මේ රටේම ඉඳගෙන ඒ දැනුම පදනම් කරගත් ආයතනවලට ඒක ලබා දෙන්න පුළුවන්.

ඉස්සර ඇමරිකාවේ ඇඟලූම් කම්හලක කම්කරුවෙක් වැඩකරන අගයෙන් පහෙන් එකක ප‍්‍රමාණයකට අපේ ඇඟලූම් කම්හල්වල පිරිස් සේවය කළා. ඒ නිසා තමයි ඇඟළුම් කම්හල් ඇමරිකාව දාලා ලංකාවට පැමිණියේ. අද ඇමරිකාවේ දත්ත හා තොරතුරු තාක්ෂණය පිළිබඳ ඉංජිනේරු මහත්මයෙක් අයකරන මුදලින් පහෙන් එකට වැඩ කරන්න අපට ඉන්නවා ඉංජිනේරු මහත්වරු. දැන් ඒ නිසා එතැන තමයි අපට තියෙන්නේ වෙළඳපොල ඉදිරිය බලා යන්නට. ඒ නිසා ඒ දැනුම ධනය වේ කියන තේමාව යටතේ  අපි රට ඉදිරියට ගෙන යනවා. එතකොට අපිට අළුත් අවස්ථාවන් ගණනාවක් මේ පරිගණකය හරහා, අන්තර්ජාලය හරහා අපේ දැනුම ලෝකයට අලෙවි කරන්න, ලෝකය තුළ අභිමානයෙන්  ඒ දැනුමෙන් බල පරාක‍්‍රමයෙන් ඉදිරියට යන්න අපට අවස්ථාව ලැබෙනවා.

ඒ නිසා ලෝකයේ හැම රටක්ම කුමක් හෝ විශේෂතාවයක් මතයි ඉදිරියට ගොස් තිබෙන්නේ. එංගලන්තය මහා ඉදිරි පිම්මක් පැන්නේ මොකකින්වත් නොවෙයි ඇඟළුම් කර්මාන්තයෙන්. ඇඟළුම් කර්මාන්තය තුළින් ලබාගත් ජවයෙන් තමයි චීනය පරදා එංගලන්තය ලෝකයේ අංක එකේ රට බවට පත් වුණේ.

ඇමරිකා එක්සත් ජනපදය විශාල දුම්රිය, ඒ වගේම රථවාහන එක්ක ගොඩනැගුණු තෙල්, ගල් අඟුරු, ගෑස් ව්‍යාපාරයෙන් තමයි ලෝකයේ බලගතුම රාජ්‍යය බවට පත් වුණේ. ඒ වගේම අපේ අවට කලාපයේ ඇතැම් රටවල් ගත්තාම, තායිවානය මේ මහා පිම්ම පැන්නේ ඉලෙක්ට්‍රොනික කර්මාන්තයෙන්. ඒ වගේම කොරියාව මේ මහා පිම්ම පැන්නේ තොරතුරු තාක්ෂණ සේවාව පැත්තෙන්.  ඒ වගේ ලෝකයේ නොයෙකුත් රටවල් මේ පිමි පැනලා තිබෙනවා.

අද අපේ අල්ලපු රට වන ඉන්දියාව ප‍්‍රධාන අපනයනය බවට පත් කර තිබෙන්නේ බැංගලෝරයේ දැනුම විකිණීමේ වැඩපිිළිවෙල. ඒ ආදර්ශය අපටත් ලබාගන්න පුළුවන්. අපේ ඉංජිනේරුවෝ ඊටත් වඩා දක්ෂ පිරිසක්. අපේ දැනුම සහිත දරු දැරියෝ ඊට වඩා දක්ෂ පිරිසක්. ඒ නිසා අපේ ඒ අනාගත ක‍්‍රියාවලිය ගොඩනැගෙන්නේ  මේ නවෝත්පාදන නගරයෙන්.

මේ නවෝත්පාදන නගරයට විශ්ව විද්‍යාල ඒමෙන් පමණක්, ඒ වගේම මාර්ග හැදීමෙන් පමණක් ඒ දේ ඉටු වෙන්නේ නෑ. අපි කලාපයක් හැටියට, අපි ප‍්‍රදේශයක් හැටියට ඒ ගමන දේශපාලන භේදයකින් තොරව යා යුතුයි. මොකද ඇතැම් අය ගිහින් මේ ගමවල පිරිස් බියවද්දනවා. ඔබලාගේ ගෙවල් හා ඉඩම් ගන්න යනවායි කියමින්. මේ විශ්ව විද්‍යාල හදන්නට යෑම මිනිස්සුන්ට දන්වන්නේ අපරාධකාරයින්ගේ වධකාගාරයන් සෑදීමට යන්නාක් මෙන්. ගමකට විශ්ව විද්‍යාලයක් පැමිණෙනවා යැයි කියනවා නම් අපි කෙතරම් ආඩම්භර විය යුතුද! නමුත් මේ වධකාගාරයක් සෑදීමට යනවා වැනි බියවැද්දීමක් අපේ ජනතාවට කරන්නේ.

විශ්ව විද්‍යාලයක් කියන්නේ අද නිකන්ම නිකන් දැනුම සපයන තැනක් නොවෙයි. එය යෝධ ආර්ථිකයක් ගොඩනගන තැනක්. අතමිට සරුකරවන තැනක්. ඒ වගේම රටේ දරුපරපුර මේ දැනුම ධනය වේ කියන ගමන් මගට එකතු කරන තැනක්. ඒක අපි තේරුම් අරගත යුතුයි. මේ අනවශ්‍ය විරෝධතාවලට, හැම දේටම අපිට යටත් වෙන්නත් බෑ. මොකද අත්‍යාවශ්‍ය දේවල් කළ යුතුමයි. ඒ නිසා හැම කෙනාම මේ දෙස අවබෝධයෙන් බැලිය යුතුයි. පටු දේශපාලන භේදවලින් මේ දෙස බැලිය යුතු නැහැ. හැම කෙනාම අවබෝධයෙන් මේ දෙස බැලූවොත් අපිට මේ රටේ දැනුම බලය බවට පරිවර්තනය කරලා ලෝක සිතියමේ බලගතු ස්ථානයකට නැවත පත්වෙන්නට හැකියාව ලැබේවි.

හෝමාගමට ලැබුණු මේ අවස්ථාව ස්වර්ණමය අවස්ථාවක්, මේ අවට මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක‍්‍රම ගණනාවක්ම අපි ක‍්‍රියාත්මක කරලා තිබෙනවා. ඒවා ඉදිරියටත් දියත් කරනවා, උගත්, වියත්, වැදගත් පිරිසක් ජීවත්වන නගරයක් බවට මේ නගරය ඉදිරියට ගෙන යන්න අපි අධිෂ්ඨාන කරගන්න  ඕනෑ. සෑම ක්ෂේත‍්‍රයක්ම, ආගමික ක්ෂේත‍්‍රය, සමාජ ක්ෂේත‍්‍රය, ව්‍යාපාරික ක්ෂේත‍්‍රය හා දේශපාලන ක්ෂේත‍්‍රය ඒ උගත් වියත් හා වැදගත් තත්ත්වයට  ගැලපෙන විදිහට සූදානම් විය යුතුයි. කසිප්පුකාරයෝ හැටියට, එහෙමත් නැත්නම් වනචරයින් හැටියට එහෙමත් නැත්නම් පාදඩයින් හැටියට, එහෙමත් නැත්නම් රස්තියාදුකාරයින් හැටියට නොවෙයි, උගත්, වියත් වැදගත් ප‍්‍රදේශයක් බවට මේ ප‍්‍රදේශය අපි පරිවර්තනය කරගත යුතුයි. සෑම ක්ෂේත‍්‍රයකින්ම’ යයි පැවසීය.

 

FaLang translation system by Faboba